Pages

Saturday, August 18, 2012

රැප වියමු ද

ඔන්න දවස් ගානකට ප‍ස්සේ පෝස්ට් එකක් අරන් ආව කරන්‍ට් එක කපන නිසා මොකුත් කරගන්න බැරැව හිටි‍යේ

මම අද කියන්න යන්නේ ලස්සන වැඩක්ගැන

අපි බලමුකෝ

මෙන්න මේක


මේ විදියට හදමු කෝ





1 පියවර 

පින්තූරේ අරගන්න අරගෙන Background Layer එකේ Copy 3 ක් ගන්න මේ විදියට. මම ලේසියට ඒවා  H හා V කියලා නම් කරගත්තා

හරිනේ දැන් Background Layer එකයි  V Layer එකයි අතරට අලුත්  Layer එකක් දාලා එකට කලු පාට දෙන්න මේන්න මෙහෙම 


ඊට පස්සේ ctrl+' දීලා  Grid දාගන්නකෝ

2 පියවර 

හරි දැන් පින්තූරේ වියන්න ඕනි පටි ටික කපාගන්න හදන්නේ

මුලින්ම H Layer එකේ  Rectangular Marquee Tool  ආධාරයෙන් මෙන්න මේ විදියට Selection දාගන්න


   (මේ පටි ටිකක් මහතට දාලා පටි අතර පරතරය ටිකක් කුඩා කරගන්න එතකොට ලස්සනයි.Selection කරද්දි  Snap to Grid කරාම හරියටම Grid උඩින්ම Selection දාගන්න පුලුවන්  ‍ )

දැන් Layer Mask එකක් දෙන්න


 ඔන්න ඔය විදියට එයි

දැන් අනේක් අතට පටි කපා ගන්න H layer  එකට කරපු දේවල්ම V layer  එකට කරන්න
ඒකෙදි Selection එක විතරක් මෙහෙම දාගන්න

දැන් මාස්ක් එක එහෙම දුන්නම මේ විදියට පින්තූරේ පේන්න ඕනි


3 පියවර 

දැන් H layer එක තෝරලා Chase Board එකක විදියට මේ විදිට තීරැ දෙක සම්බන්ද වෙන කොටුවක් ඇර කොටුවක්  Section දාගන්න 


පේනවා නේද

දැන් Ctrl +J දෙන්න එතකොට Select කරපු කොටු ටික  Copy වේවි අලුත් Layer කට මේ විදියට

 දැන් අලුතෙන් ආපු Layer එක තෝරලා Ctrl +Alt + G  දෙන්න Clipping Mask  වේවි මේ විදියට


දැන් අපි V Layer එක තෝරලා  කලින් H Layer  දි Select  කරද්දි අතහැරපු කොටු Select කරගන්න මේ විදියට


හරි දැන් ඉතින් දෙන්න Ctrl +J   කොටු ටික Copy වෙයි අලුත්  Layer එකකට


දැන් ඒ ලේයර් එකත් තෝරලා Ctrl +Alt +G දෙන්න මේන්න මේ විදියට එයි


4 පියවර

දැන් Ctrl + '  දීලා Grid Off  කරගන්න

දැන් Layer 2 හා Layer 3 වලට මෙන්න මේ විදියට Outer Glow එකක් දෙන්න ඔයගොල්ලෝ තෝරගන්න පින්තූරෙ විදියට සැකසුම් වෙනස්කරන්න වේවි


දැන් වියලා ඉවරයි මෙන්න මෙහෙම එයි





5 පියවර

තවත් හැඩකර ගන්න පුලුවන් Back ground Layer එකේ  Copy  උඩින්ම තියාගෙන

මකනේ අරන් මේ විදියට එනකම් මකා ගන්න









ගිහින් එන්න ම් එහෙනම් ගැටලු නම් අහන්න


2 comments:

  1. යාළුවා මම ඔයාට සුබ පතනවා මම පොටෝෂොප් ඉගෙනගන්ඩ විදිහක් නතුවහිටියේ, දැන් එකත් හරි දිගටම මේ වැඩේ කරගෙනයන්ඩ! ගොඩක් හොඳ වැඩක් ජයවේවා!!

    ReplyDelete
  2. කියන්න දෙයක් නැ එල...
    මම Post එක කියවන ගමන්ම කරලා බැලුවා වැඩේ ගොඩ
    මම ශ්‍රීමාල් http://srimalvideoteam.blogspot.com/
    තව මේ වගේ ඒවා දාන්න...

    ReplyDelete