ඔන්න අපි ගිය පෝස්ට් එකට අදාල නිර්මාණයත් එක්ක ආවා
අපි බලමු මේන්න මේ පරණ පින්තූරේ හදන්නේ කොහොමද කියලා ගොඩක්අය දන්න වත් ඇති මේක නොදන්න Photoshop වලට අලුත් අයට
මේන්න පින්තූරේ
දැකලා එහෙම පුරුදු ඇති මේක Photoshop sample picture එකක් නේ
1පියවර
ඉස්සෙල්ලම මේකේ Color Mode එක RGB කරගෙනම ඉමු ඒකට Image -- Mode --RGB color ඔන්න ඔය පාත් එක දිගේ ගියාම හරි
2පියවර
මුලින්ම වටේට තියෙන පලුදු අයින්කරමු මේකට
මේ ටූල් එක හොදයි මුලින්ම පින්තූරේ පලුදු නැති තැනකට ගිහින් Alt key එක තදකරගෙන click කරලා ඒක ටූල් එකට අරගන්න
දැන් පලුදු උඩ Click කරන්න පලුදු නැති වෙනවනේද
මතක තියාගන්න මේකෙන් පසුබිමේ පලුදු විතරක් අයින් කරන්න
මේන්න මේ විදියට
පේනවනේ ලස්සනට හදාගන්න
3පියවර
දැන් අපි කොන්ඩෙයි කෝට් එකෙයි තියෙන පලුදු අයින්කරන්න ඕන ඒකට Patch Tool එක හොදයි
මුලින්ම උරහිස හදමුකෝ නේද
ටූල් එක අරන් මේන්න මෙහෙම Select කරගමුකෝ එහෙනම්
දැන් ඔය selection මැදට ගිහින් click කරගෙන උරහිසේ මට්ටමෙන් පහලට ඇදනයන්න හරියටම Replace වෙනකොටම අතහරින්න
හරිනේ
අනෙක් කොටසුත් ඒ විදියටම හදාගන්නකෝ
ඔන්න තියෙනවා හරිනේද
4පියවර
පාඩමට අදාල නොවුනත් මේකත් කියලා දෙන්න හිතුවා වැඩක ඉවරයක් තියෙන්නත් ඕන හින්දා
අපි මෙයාව පාටකරමු
හරි ඉස්සරවෙලා මූන හොදේ මෙන්න මෙහෙම Select කරගන්න මූන
Image මෙනු එකේ Adjustment තෝරලා Color balance ගන්නකෝ
අරන් මූනේ පාට හදාගන්න මම හැදුවෙ මෙහෙම
හොදයිනේ දැන් කෝට් එකටත් කලින් විදියටම කරලා තව Adjustment වලම Hue-Saturation වෙනස් කරලා හොද පාටක් ගන්න පුළුවන්
එහෙනම් ඔක්කොම කොටස් පාට කරගෙන ලස්සනට වැඩ ඉවර කරගන්න
මොනව හරි නොතේරෙනවනම් කොමෙන්ට් එකක් දාන්නකෝ