කරන්න හදන්නේ මෙන්න මේක
අකුරැ වලින් හැදුවා වගේ කරන එක මේකත් Text tool හා Layer Pallets උපයෝගීකරගෙන කරන වැඩක්
1 පියවර
මේ පින්තූරේ අරන් Layer Pallet එක open කරගන්න
දැන් පින්තූරේ පේන විදියට ගිහින් Back Ground Layer එක Normal Layer කරගන්න මැසේජ් එකක් එයි ඒක Ok කරන්න හොදේ
2 පියවර
දැන් අලුත් ලේයර් එකක් අරන් එක කලු පාටින් පුරවගන්න
අලුත් ලේයර් එකක් ගන්න Ctrl +Shift+N කියන Keys 3ම එකපාර තදකරන්න එන මැසේජ් එක ok කරන්න
ලේයර් එකට පාට දෙන්න

මෙන්න මේකේ විදියට යට කොටුවට කලු පාට දීලා අලුත් ලේයර් එක තෝරලා ctrl + delete key දෙන්න
ඊටපස්සේ ලේයර් මෙන්න මේ විදියට පිහිටුවා ගන්න (ආදාල ලේයර් එක click කරගෙන Drag කරාම ලේයර් පැලට් තුල කරාම අවශ්‍ය විදියට ලේයර් පිහිටුවා ගන්න පුළුවන් )
3පියවර
දැන් Text Tool එක අරන් මෙන්න මෙහෙම පින්තූරේ පේන විදියට පිරෙන්නම Type කරන්න අකුරැ පොඩිවෙලා ලගින් පිහිටන තරමට වැඩේ ලස්සනයි
දැන් ඉතිං අකුරැ තියෙන ලේයර් එක කැමති විදියට හරවගන්න Move Tool එක ආධාරයෙන් නැතත් කමක් නැ
දැන් මේන්න මේ පින්තූරේ රතු රවුමෙන් පෙන්නනතැන (ඔයාගෙ ලේයර් පැලට් එකේ ) Ctrl අල්ලගෙන click කරන්න එතකොට අකුරැ සෙලෙක්ට් වෙයි
4 පියවර
දැන්
මෙන්න මේහෙම දීලා අකුරැ ඇර අනෙක් ටික සෙලෙක්ට් කර ගන්න
ඊට පස්සේ අකුරැ තියෙන ලේයර් එක Delete කරලා
පින්තූරේ තියෙන ලේයර් එක තෝරලා Delete key තද කරන්න
හරිනේ
මෙහෙම ආවද
දැන් මෙන්න මෙහෙම Blending Options වලින් Outer Glow එකක් දෙන්න
5 පියවර
දැන්
ඕං ඔතනින් පින්තූරේ එලිය එහෙම වැඩිකරලා වැඩ ඉවර කරගන්න එහෙනම් තව පෝස්ට් එකකින් හමුවෙමු
යාළුවා මට මේකෙදි පොඩි ප්‍රශ්ණයක් ආව. 4 පියවරේ "පින්තූරේ තියෙන ලේයර් එක තෝරලා Delete key තද කරන්න" ඔය කියලා තියන විදිහට කලහම පින්තුරේට අදාළ ල්යර් එක ඩිලීට් වෙනවනේ, පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද
ReplyDeleteDelete Key තද කරන්න Inverse Selection එක තියෙදී, Tikak Mahatha Font ekak ganna
ReplyDeleteමේක කරලා පින්තුරේ සේව් කරාම එක බලන්ඩ බෑනේ පින්තුරේ වැරදි ෆෝමැට් එකක කියනවා JPEG PNG දෙකටම එහෙමයි සේව් කරන විදිහේ වෙනසක් කරන්ඩ ඕනෙද??
ReplyDeleteඑහෙම වෙනස් කරන්න ඔන නැ සාමන්‍ය විදියටම සේව් කරාම එන්න ඕනි
ReplyDelete