Pages

Friday, August 3, 2012

පින්තූරයකින් අලුත් වැඩක් කරමු

මේක ටිකක් ලස්සන නිර්මාණයක් හරිම චූටි වැඩ ටිකක් තමයි තියෙන්නේ බලමුකෝ

මෙන්න මේක





මේ විදියට හදමු






වැඩේ පටන් ගමුකෝ එහෙනම්

1පියවර

පින්තූරේ අරන් Background Layerඑකේ  Copy එකක් හදාගන්න මේ විදියට


හරිනේ දැන් Image මෙනු  Adjustment වල Threshold තෝරලා පින්තූරෙට ගැලපෙන අගයක් දෙන්න මම දුන්නේ මෙහෙම
හරිනේ මේ විදියට පින්තූරෙ එයි

දැන් Filter මෙනු stylize වලින් Diffuse  දීලා පල්ලෙහා පින්තූරේ ඔප්ෂන් දෙන්න එ‍තකොට ලස්සනට පින්තූරේ හැදේවි

දැන් වැඩෙන් භාගයක් ඉවරයි

2 පියවර 

දැන් අපි වැඩේ ලස්සනට ඉවර කරන්න යන්නේ

දැන් අලුත් ලේයර් එකක් අරන් දම් පාටින් (යාලුවන්ට කැමති පාටක් දෙන්න ) පුරවගන්න



තව අලුත් ලේයර් එකක් අරන් සුදු පාටින් පුරවන්න


හරිනේ
දැන් මෙන්න මේ විදියට Layer 2 වලයි layer 1වලයි ඇහැ උඩ Click කරලා ඒවා හංගගන්න කෝ


දැන් Background copy Layer එක තෝරලා  Select මෙනු වල  Color Range තෝරලා සුදු පාට කොටස තෝරගන්න ( මේ සේරම කරන්නේ Background Layer Copy එකේ ඉදන් )
මෙන්න ‍මම දුන්න අගයන්









3 පියවර


ඊට පස්සේ  Layer 1එකයි  layer 2 එකයි ආයෙත් පේන විදියට හදාගෙන (ඇහැ උඩ ආයේ ක්ලික් කරන්න) Layer 2 එක තොරගෙන පින්තූරේ රතුපාටින්  පෙන්න ලා තියෙනතැන ක්ලික් කරන්න ලේයර් පැලට් එකේ


එතකොට ඒක මාස්ක් වෙලා ඒවි  මෙන්න මෙහෙම





හරිනේද

දැන් ඉතිං මෙහෙම හැඩ වැඩ දාගන්න එකයි ඇත්තේ

ගිහින් එන්නම් කෝ



2 comments:

  1. මම මේක ගොඩක් තැන් වලදී දැකල තියෙනවා ඒත් කරන්නේ කොහොමද කියල දැන ගත්තේ අද - thank you very much

    ReplyDelete
  2. ඔන්න මාත් ආව. නියමයි නියමයි. .

    ReplyDelete