Pages

Thursday, August 9, 2012

වැහි දවසක ජනේලේ අකුරැ ලියමුද

යාලුවොන්ට පොඩිකාලේ මතක නම් වැහි දවස් වල් ගෙදර ජනේලේ අකුරැ ලිවුවා මතක ඇති අද මම කියලා දෙන්න යන්නේ ඒ වගේ එකක් Photoshop වලින් කරන්නේ කොහොමද කියලා

මේ බලන්න කෝ




මෙන්න මේ විදියට හදන්න යන්නේ



ටිකක් ලොකු වැඩක් කරලම බලමු




1 පියවර 

පින්තූරේ අරන් ඒක Crop Tool ආධාරයෙන්  2560 X 1440 Px ගානට සයිස් කරගන්න (මොකද මම වැහි බින්දු වල අදාල සැකසුම් දීලා තියෙන්නේ ඔය ගානට හරියන්න ඔයාලා වෙනත් සයිස් එකකින් කරනවනම් ඒ ගානට හරියන විදියට සැකසුම් කරගන්න මතක තියාගන්න අනුපාතයකට වෙනස් කරගත්තනම් හ‍රි)

දැන් පින්තූරේ Background Layer එකේ  Copy එකක් හදාගන්න මම මගේ ලේයර් එක Glass කියල නම් කරගත්ත ලේසියට

 දැන් Glass Layer එකට  Layer මෙනු එකේ  Layer Style  වලින් Color Overlay  එකක් දෙන්න පාට විදියට තද අළු ‍පාට දෙන්න මෙන්න මෙහෙම සැකසුම් හදාගන්න (Opacity 50 කරගන්න )


දැන්  Glass Layer එකට Filter මෙනු එකේ  Blur වල  Gaussian Blur දෙන්න මේ විදියට



මේ විදියට පින්තූරේ එයි




2 පියවර 

දැන් වැහි බින්දු හදන්න යන්නේ අලුත් ලේයර් එකක් ගන්න ඊට පස්සේ Brush Tool එක අරන් Window --Brush  වලට ගිහින් Brush Settings හදාගන්න මේ පෙන්නලා තියෙන විදියට



දැන් ඒ ලේයර් එක කලු පාටින් පාට කර‍‍ගෙන Brush සුදු පාට දීලා මෙන්න මේ විදියට වැහි බින්දු වගේ හදාගන්න (මම ලේයර් එකට Water කියල නමක් දුන්නා)



දැන් Water Layer එකේ Levels (Ctrl +L) හදාගන්න මේ විදියට




හරි දැන් කලු පාට ටික Magic Wand Tool එකෙන් Select කරලා Delete  කර ගන්න

මේවිදියට එයි  




හරි දැන් water Layer එකේ Fill අඩුකරල බින්දුවටම මෙන්න මේ Layer Style (Layer --> Layer Style) ටික දෙන්න මේ විදියටම






හරිනේද මෙන්න මෙහෙම ඇවිත් ඇති එහෙනම්



3 පියවර

දැන් වැඩේ ඉවරකරන්න තියෙන්නේ

Back Ground Layer එකේ  Copy  එකක් අරන් ඒකWater  හා Glass Layer අතර මැදින් තියාගන්න මේ විදියට


ඒකට Fillerමෙනු එකේ  Blur වල Gaussian Blur එකක් දෙනන්  Radius එක 5  විදියට දෙන්න

දැන් water Layer එක උඩ Right Click කරලා Select Pixel තෝරන්න වැහි බින්දුටික සෙලෙක්ට් වෙයි

ඊට පස්සේ Background copy ලේයර් එක තෝරලා ඒකට මාස්ක් එකක් දෙන්න මෙන්න මේ පාත්එක දිගේ ගිහින්

Layer --> Layer Mask --> Reveal selection

මේ විදියට ලේයර Layer Pallet  එක පෙනේවි




දැන් ඒකට Filter මෙනු එකෙන් Blur වලින්  Motion Blur එකක් දෙන්න මේ විදියට



හරිනේද

4 පියවර 

දැන් අකුරැ ටික ලියමු

Glass Layer තෝරන්න පින්සල අරගෙන ඔය පල්ලෙහා තියන තැන තෝරන්න ටූල් බාර් එකේ
කලු පාටින් රවුමක් ඇදලා තියෙන්නේ

දැන් ලියන්න ‍ඕන එක ලියලා

ආයෙත් මෙතන ක්ලික් කරලා
ctrl + shift +I දීලා Delete දෙන්න

මෙන්න මෙහෙම එයි

හරි නේද

ගිහින් එන්නම් ගැටලු නම් කොමෙන්ට් එකක් දාන්න

No comments:

Post a Comment