Pages

Sunday, September 9, 2012

අකුරැ වලින් රෑප මවමු

අද අපි බලමු තවත් ලස්සන වැඩක් කරන්නේ කොහොමද කියලා ටිකක් විතර ලොකු වැඩක්

මේක

මේ විදියට හදමු


හරි වැඩේ පටන් ගමු



1 පියවර

මුලින්ම පින්තූරේ ගන්න
ඊට පස්සේ Select Menu  එකේ Color Range  තොරන්න එක සංවාද කොටුවේ මෙන්න මේ විදියට හදාගන්න සැකසුම්


මෙන්න මේ විදියට Select වේවි එතකොට

දැන් Ctrl +J  දෙන්න එතකොට Select වෙලා තියෙන ටික  Copy වේවි අලුත් Layer  එකකට (මම ලේසියට ඒකට A කියලා නමක් දෙනවා )

මේ තියෙන්නේ ලේර් පැලට් එක


හරිනේ

දැන් ‍ආයෙත් Background Layer  එක තෝරලා Select Menu එකේ  Color range තෝරලා මෙන්න මේ විදියට හදා ගන්න


එතකොට එන සෙලෙක්ෂන් එක ති‍යෙද්දිම Ctrl + J දෙන්න එතකොට අලුත් ලේයර් එකක් එයි මේ විදියට
‍මම B කියලා නම් කරගන්න වා ඒක

හරි දැන් A layer‍ ‍තෝරලා  Ctrl + E දෙන්න එතකොට AහාB layer දෙක තනි ලේයර් එකක් වෙනවා
මෙන්න මෙහෙම


2 පියවර 

දැන් අපි ඒ පින්තූරය පැත්තකින් තියලා මේ නිර්මානයට අවශ්‍ය Brush නිර්මාණය කරන්න යමු

මුලින්ම අලුත් පින්තූරයක් ගන්න (Ctrl +N)

ඊට පස්සේ Text Tool එක අරන්  කලුපාටින් කැමති වචනයක් ලියන්න

දැන් Text Layer එක තෝරලා Select Menu එකේ Load Selection දෙන්න අකුරැ ටික සෙලෙක්ට් වේවි
දැන්  Edit වල  Define Brush Presets දෙන්න එතකොට එන මැසේජ් එක ok  කරන්න අකුරැ ටික Brush එකක් විදියට තේරේවි
  
ඔය වගේ ඔයාල කැමති විදියට Brush දෙක තුනක් හදාගන්න


3 පියවර

දැන් ආයෙත් මුලින් (1 පියවරේදි ) වැඩකරපු පින්තූරය ගන්න

තනි‍ ලේයර් එකක් කරපු ලේයර් එක තෝරලා Ctrl + shift +U දෙන්න ඒ ලේයර් එක කලු සුදු වේවි
මෙන්න ලේයර් පැලට් එක


දැන් B layer එකට උඩින් අලුත් Layer එකක් අරන් ඒක සුදු පාටින් පුරවගන්න (මම C ලෙස නම් කරන්න )




දැන් අලුත් ලේයර් එකක් අර ගන්න (මම D ලෙස නම් කරගන්නම්)



4 පියවර


දැන් B ලේයර් එක තෝරලා ctrl + A දෙන්න ඊ‍ට පස්සේ CTRL + C ‍දීල කොපි කරගන්න

හරි දැන් D Layer එක තෝරලා  Layer Mask එකක් දාගන්න මේ විදියට රතු පාට රවුම තියෙන් තැන කිල්ක් කරන්න ලේයර් මාස්ක් එක ඇඩ් වෙනවා

ලේයමාස්ක් එක දැම්මම මේවිදියට එයි


දැන් Alt තදකරන් පල්ලෙහා පින්තූරේ රතු රවුමෙන් පෙන්නන කොටසේ ක්ලික් කරන්න වරද්ද ගන්න එපා






දැන් මොකුත් වෙනසක් නොකර Ctrl + V දෙන්න මෙන්න මේ විදියට ඒවි


මේ තියෙන්නේ ලේයර් පැලට් එක

හරි දැන් ctrl +D  දීලා selection  එක අයින් කරගන්න
දැන් ctrl + I  දෙන්න

මේ විදියට එයි

දැන් පහල පින්තූරේ රතු රවුමෙන් පෙන්න න තැන ක්ලික් කරන්න




5 පියවර 


දැන් Brush Tool එක අරන් 2 පිය‍වරේදී සකස් කරගත්ත Brush තෝරලා පහත සැකසුම්  දෙන්න Brush Pallet ( F5)   එකෙන්

දැන් පින්තුරේ පෙනෙන විදියට පින්තුරේ හැඩය මතු වෙනකම් පින්සල් පහර දෙන්න

හරි  මේ ඔක්කොම වැඩ සිද්ධවෙන්නේ D ලේයර් එක තුලනේ


5 පියවර

දැන් අපි D Layer එකට  Gradient Overlay  එකක් දෙමු ඒකට  Layer Pallet  එකේ පහත පෙන්න න තැන ක්ලික් කරලා ඒ සැකසුම් දාගන් යාලුවන්ට කැමති පාටවල් තෝරගන්න පුලුවන්




හරිනේද මෙන්න මේ විදියට සැකසේවි





දැන් ඉතින්D Layer  උඩින් තවත් ලේයර් එකක් අරන් ඒකටත් Gradient overlay දීලා මේවිදියට හදාගත්තු Brush වලින් Bush කරගෙන හැඩකරගන්න හරිනේ


මෙන්න මේ විදියට

** අමතක උනා කියන්න ඇස් හා කට මතු කරගන්න සාමන්‍ය Brush එකක් පාවිච්චි කරන්න වෙනවා

ගිහින් එන්නම් ගැටලුවක් ආවොත් දෙන්න කොමෙන්ට් එකක්



5 comments:

  1. මචෝ වැඩේ නම් නියමයි.මම තාම කලේ නම් නෑ.කරලා බලනවා.දිගටම මේ වගේ lessons දෙන්න.තැනක් යු !

    ReplyDelete
  2. wade nam niyamai sir, hoda Art work ekak meken denna puluwan wei neda sir, loku deyak meken karannapuluwan.

    ReplyDelete
  3. මරු මරු මම ඩීජේ නිමන්ත එල බං වැඩේ මම කෙරුවා මට ටිකක් ටැපලෙනවා උඹ අලුතෙන් මොනාහරි දානවනං මම එනවා බලන්න...

    ReplyDelete
  4. කියන්න දෙයක් නැ එල...
    මම Post එක කියවන ගමන්ම කරලා බැලුවා වැඩේ ගොඩ
    මම ශ්‍රීමාල් http://srimalvideoteam.blogspot.com/
    තව මේ වගේ ඒවා දාන්න...

    ReplyDelete