Pages

Monday, July 30, 2012

Rain - Adobe Photoshop (වහිනවෝ)

අද අපේ යාලුවන්ට අලුත් වැඩක් අරන් ආවේ

අද බලමු කොහොමද වැස්සක් නිර්මානය කරගන්නේ කියලා

සරල කරොත්

මෙන්න මේක මේවිදියට හදන්න යන්නේ

































Friday, July 27, 2012

Create Beautiful Lines of Different Shapes

ආයුබෝවන් යාලුවන්ට දවස් ගානකින් පෝස්ටි එකක් දාන්නත් බැරි  උනානේ

අපි අද බලමු අලුත් Creation එකක්

මේකයි වැඩේ


මේකමෙන්න මෙහෙම හදන්න යන්නෙ 



අපි මේකෙදි Brush Pallet, Filter Menu, Layer Pallet, Transform with Wrap  කියන කොටස් ටික ගැන කතා කරනවා 

Tuesday, July 24, 2012

Creation Bubble with Photoshop

අපි අද බලමු අලුත් වැඩක්

මේන්න මේ පින්තූරේ අපි


මෙන්න මේ විදියට හදමු බලන්න


වැඩි කතා නැතුව වඩේට බහිමුකෝ

Sunday, July 22, 2012

Text Poster - Adobe Photoshop

වැඩිය කතා බෑ වැඩ ගොඩගැහිලනේ

කරන්න හදන්නේ මෙන්න මේක


අකුරැ වලින් හැදුවා වගේ කරන එක මේකත් Text tool හා Layer Pallets උපයෝගීකරගෙන කරන වැඩක් 

Saturday, July 21, 2012

Adobe Photoshop - Part X

ආයුබෝවන් ඔක්කොටම

අපි Photoshop වලTool ගැන වෙනවෙනම කතා කරා ඇති කියලා හිතෙනවා කට්‍ටියට කම්මැලි වගේ මොකද තාම එක කොමෙන් එකයි බ්ලොග් එ‍කට වැටිලා තියෙන්නේ ස්තූතියි හසිත මාව දිරිමත් කරපු එකට
මම හිතුවා Tools එකින් එක කතා කරනවට වඩා Tools ගැන Creations වලින්ම කියල දෙන්න කියලා වෙනසට කැමති නැත්තම් කියන්න හොදේ

හරි එහෙනම් අපි අද බලමු අලුත් වැඩක්

මේකෙදි Text Tool එකයි  Layer Pallet එකයි ගැන තතා කරන්න තමයි යන්නේ



උඩ පින්තූරේ යට එක විදියට හදමු

1 පියවර

පින්තූරේ අරන් F7 key ගහලා Layer pallet Open කර ගන්න 

හරිනේ

දැන් Text Tool එක ගන්න මේන්න මේක තමයි ඒක
දැන් ඔයගොල්ලන්ගෙ අකුරැ ටික ටයිප් කරන්නකෝ 



2 පියවර
B
මේන්න මේවිදියට Layer Pallet එකේ  Type layer  ඇවිල්ල තියෙන්න ඕන එතකොට 


දැන් Layer pallet එකේ  Type layer එක click කරලා එහෙම 
මෙන්න මේ මෙනු එකෙන් 


පෙන්නන තැනට ගිහින් Blending Options ගන්න 

ඒකේ Drop shadow වල මේ Settings දාගන්න 


හරිනේ 

දැන් Outer Glow වල මෙන්න මේ Settings දාගන්න හරි එහෙනම් 


මෙහෙම හදාගන්න මේකෙ මේ විදියට අකුරැ පේන්න Layer Palest අදාල Layer ඒකේ Fill එක 0 කරන්න ඕන


Blending Option වල ගොඩක් දේ තියෙනවා කරල බලන්න නොතේරෙන තැනක් තියේනම් අහන්න හොදේ






Friday, July 20, 2012

Adobe Photoshop - Part IX

ඔන්න අපි ගිය පෝස්ට් එකට අදාල නිර්මාණයත් එක්ක ආවා

අපි බලමු මේන්න මේ පරණ පින්තූරේ හදන්නේ කොහොමද කියලා ගොඩක්අය දන්න වත් ඇති මේක නොදන්න Photoshop වලට අලුත් අයට

මේන්න පින්තූරේ

දැකලා එහෙම පුරුදු ඇති මේක Photoshop sample picture එකක් නේ

1පියවර

ඉස්සෙල්ලම මේකේ Color Mode එක RGB කරගෙනම ඉමු ඒකට  Image -- Mode --RGB color ඔන්න ඔය පාත් එක දිගේ ගියාම හරි 

2පියවර

මුලින්ම වටේට තියෙන පලුදු අයින්කරමු මේක‍ට 


මේ ටූල් එක හොදයි මුලින්ම පින්තූරේ පලුදු නැති තැනකට ගිහින් Alt key එක තදකරගෙන click කරලා ඒක ටූල් එකට අරගන්න 

දැන් පලුදු උඩ Click කරන්න පලුදු නැති වෙනවනේද 

මතක තියාගන්න මේකෙන් පසුබිමේ පලුදු විතරක් අයින් කරන්න ‍

මේන්න මේ විදියට 

පේනවනේ ලස්සනට හදාගන්න 


3පියවර

දැන් අපි කොන්ඩෙයි කෝට් එකෙයි තියෙන පලුදු අයින්කරන්න ඕන ඒකට Patch Tool එක හොදයි  
මුලින්ම උරහිස හදමුකෝ නේද 

ටූල් එක අරන් මේන්න මෙහෙම Select කරගමුකෝ එහෙනම් 


දැන් ඔය selection මැදට ගිහින් click කරගෙන උරහිසේ මට්ටමෙන් පහලට ඇදනයන්න හරියටම  Replace වෙනකොටම අතහරින්න

හරිනේ 
අනෙක් කොටසුත් ඒ විදියටම හදාගන්නකෝ


ඔන්න තියෙනවා හරිනේද 

4පියවර 
 පාඩමට අදාල නොවුනත් මේකත් කියලා දෙන්න හිතුවා වැඩක ඉවරයක් තියෙන්නත් ඕන හින්දා 
අපි මෙයාව පාටකරමු 

හරි ඉස්සරවෙලා මූන හොදේ මෙන්න මෙහෙම Select කරගන්න මූන 


Image මෙනු එකේ  Adjustment  තෝරලා Color balance   ගන්නකෝ 

අරන් මූනේ පාට හදාගන්න මම හැදුවෙ මෙහෙම



හොදයිනේ දැන් කෝට් එකටත් කලින් විදියටම කරලා තව Adjustment වලම Hue-Saturation වෙනස් කරලා හොද පාටක් ගන්න පුළුවන් 

එහෙනම් ඔක්කොම කොටස් පාට කරගෙන ලස්සනට වැඩ ඉවර කරගන්න 

මොනව හරි නොතේරෙනවනම් කොමෙන්ට් එකක් දාන්නකෝ







Adobe Photoshop - Part VIII

ඔන්න ආයුබෝවන් ඔක්කොටම ලගදි පෝස්ට් එකක් දන්නත් බැරි උනානේ

අද අපි අළුත් Tool set එකක් ගැන කතාකරමුකෝ

මෙන්න මේවා ගැන තමයි අද කතාකරන්නේ


Spot Healing Brush Tool

මේක අපි භාවිතා කරනවා සාමාන්‍යයෙන් පින්තූරයක මොනවා හරි කොටසක් ඉවත් කරගන්න අවශ්‍ය උනාම මේක වැඩකරන්නේ මෙහෙමයි 

අපි පින්තූරයක පලුද්දක් ඇතිතැනක ක්ලික් කරාම ටූල් එක අවට ති‍යෙන් pixel ගැන විමසල බලලා පලුද්ද නැතිකරන එක මේකෙදි සිද්ධවෙනවා 

උදාහරනයක් විදියට අපට මේන්න මේ පින්තූරේ තියෙන හද අයින්කරන්න 


අපිට පුළුවන්  ටූල් එක අ‍රන් හදෙහි ගානට Brush එක ලොකුකරල  හද උඩ Click කරලා 


Healing Brush Tool

මේකෙදි කලින් එකේදිම ව‍ගේ දෙයක් තමා වෙන්නේ වෙනසකට තියෙන්නේ ආදේශවෙන්නනේ අපි ටූල් එකට ලබාදුන්න රෑප කොටසක්

මේ ටූල් එකට රෑපය ගන්න alt key එක අල්ලගෙන අදාල රැපය උ‍ඩ clik කරාම රැප කොටස ටූල් එකට එනවා

Patch Tool 

පින්තූරයක ඇති පලුදු ඉවත් කිරීමට මේකත් පාවිච්චි කරන්න පුළුවන් මේකෙදි අදාල පලුද්ද තෝරලා ඊට ගැපෙන රෑප කොටසකට ඇදගෙන යන එක විතරයි කරන්න ‍ඕන

Red eye tool

මේකෙන් ඡායාරෑපයක ඇතිවන ඇසේ රතු ලප ලේසියෙන්ම ඉවත්කරත හැකි ටූල් එක අරන් ගිහින් ඇස මත ක්ලික් කරන්න විතරයි ඕනි

හරි ඔන්න ටූල් ගැන කියලා ඉවරයි Patrice Lesson එකත් අරන් එන්නම් කෝ

Tuesday, July 17, 2012

Adobe Photoshop - Part VII

අපි ගිය පෝස්ට් එකෙන් කතා කරේ Crop Tool එක ගැනනේ අපි දැන් ඒකෙන් Creation එකක් කරලා බලමු පුරැදු වෙන්නත් එක්ක

හරි දැන් හැමෝම ගාව වගේ Digital Camera තියෙනවනේ සමහර ‍වෙලාවට Photo ගද්දි ඒවා නියමිත විදියට එන්නැතුව ආනත වෙන වෙලාවල් තියෙනවා අපි ඒ වැරද්ද හදන්නෙ කොහොමද බලමු

(මේක පුරැදු වෙන්න විතරයි Photoshop වල මේක‍ට මීට වඩා ලේසි විධි තියෙනවා)


සරලව කිවුවොත්  
මේකේ තියෙන් ඇදගතිය නැතිකරගන්යන්නේ 

1පියවර
මේක open කරගෙන F7 ගහලා Layer Pallet ගන්න ඊට පස්සේ Background layer උඩ දෙපාරක් click කරලා

මේක Ok Back layer එක Normal Layer කරගන්න 

2 පියවර

දැන් Move tool එක අරන් show transform control එහෙම on  කරලා මෙන්න මේකේ විදියට හදාගන්නකෝ

3 පියවර

දැන්Crop tool  අරන් මේන්න මේ විදියට හදාගෙන 

Enter කරාම මේ විදියට එයි 

ගිහින් එන්නම් එහෙනම්





Adobe Photoshop - Part VI

ඔන්න අපි අදත් අලුත් ටූල් එකක් බලමු
 මේ Crop Tool එක
මේක අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ පින්තූරයක් අවශ්‍ය පුමාණයට සකස්කරන්න. ඒවගේම මේකෙන් තව තව වැඩ ගොඩක් පුළුවන් වෙනවා 
*******************************************************************************

මේකට අදාල වෙච්චි options bar එකකුත් තියෙනවා අපි බලමු එකත් එහෙනම්


මේකේ Width & Height වලින් අපිට පුළුවන් කම ලැබෙනවා අපිට කැමති Size එකකට Photo එක හදාගන්න 
උදාහරනයක් ගත්තොත් අපි හිතමු අපි ඔය ඩිජිටල් කැමරාවකින් Photo එකක් ගත්ත කියලා. ඒවුනාට අපි දන්නෙ නෑනේ ඒකේ  Size එක. අපිට ඕනනම්  4 * 8 අගල් කියන Size එකට Print කරන්න. කරන්න තියෙන්නේ අදාල අගයන් ටික ඔය කොටු දෙකට දාලා ටූල් එකෙන් එන්න ඕන කොටස තෝරලා Enter කරන එක විතරයි. එතකොට අවශ්‍ය ගානට Size වෙනවා 

හරි එ‍‍හෙනම් තව පොස්ට් එකකින් හමුවෙමු


Adobe Photoshop- Part V

අපි ගිය පාර කතාකරේ Selection Tool එක ගැනනේ දැන් අපි බලමු  Selection වලින් කරන Creation  එකක් ගැන මේක ඔය ගොල්ලන්ට උදවුවෙයි ඉගෙනගන්න ටූල් එක ගැන

1 පියවර 


මෙන්න මේ පින්තූරේ ගන්නකෝ

හරි අපි මේක මේ විදියට හදන්න යන්නේ

2 පියවර 

අලුත් පින්තූරයක් ගන්න 

Ctrl + N 

අර මුලින්ගත්තු පින්තූරේ ලොකු ගෙඩිය Elliptical Marquee tool එකෙන් තොරලා අලුතෙන් ගත්තු පින්තූරෙට Copy Paste කරගන්න



පින්තූර වලින් පේනවානේ 

දැන් ඇස්දෙක හදමු  මුලින්ම කැරට් පෙත්ත තියාගන්න මෙහෙම


හරි දැන තව ඇහේ copy එකක් ඔනිනේ ඒකට Move too එකට ගිහින්  alt key  එක තද කරන් කැරට් පෙත්ත උඩ click අදින්න ඒක copy වේවි 

දැන් ඔය විදියටම අර බීට් පෙත්තත් කියා ගන්න ඇහේ කලු බෝලේ විදියට 


ඔන්න හරි 

3 පියවර

දැන් මම වැඩ කරන්න යන්නේ Polygonal Lasso Tool එකත් එක්ක 

හරි දැන් නහය හදාගමු  නහය විදියට ඔය උඩින් තියෙන ලබු ගෙඩිය ගමු 
මෙන්න මෙහෙම select කරලා ගන්න  
  
හරිනේ එහෙනම් හිමීට මෙන්න මේ විදියට එනකම් හදාගන්න 



හරි එහෙනම් ආයේ හම්බෙමු නොදන්න දෙයක් ගැටලු වක් එහෙම ආවොත් කොමෙන්ට් එකක් දාන්න 


Adobe Photoshop- Part IV

අද අපි කතා කරන්නේ තවත් වැදගත් ටූල් කිහිපයක් ගැන

මේවා යම්කිසි තෝරාගැනීමක් කිරීම සදහා භාවිතා කරනවා

මේතියෙන්නේ ටුල් සෙට් එක
මුලින්ම ටූල් ගැන කෙටි හැදින්වීමක් කරමුකෝ නේද

Marquee Tools 
මේවා අපි යම් හැඩයකට ‍Selection එකක් දාගන්න ඕන උනාම භාවිතා කරනවා මේ ටූල් වර්ග 4 ක් තියෙනවා


ඒවා ගන්න පුලුවන් ඔය ටුල් එක ය‍ටින් තියෙන කලු ඊ හිස උඩ Click කරගෙන හිටියම
මෙන්න තියෙනවා ටූල් 4


Lasso Tools

මේ ටූල් වලින් අපිට අවශ්‍ය හැඩයකට Selection දාගන්න පුළුවන් වෙනවා 
මේකෙත් අපිට ටූල්ස් කිහිපයක් දෙනවා  මේතියෙන්නේ ඒවා


Magic Wond Tool

මේ ටූල් එක භාවිතා කරලා අපිට එක් වර්ණ  පරාසයක් ‍තෝරගන්න පුළුවන් කම ලැබෙනවා 


*******************************************************************************

හැම selection tool එකකම තියෙන්නේ එකම  Options bar එකක් සමහර Options වෙනස් උනාට මූලික දේවල් එකයි 

අපිට වැදගත්වෙන Options ටිකක් ගැන දැනගමුකෝ 

මේ තියෙන්නේ ඒවා

1. මේකෙන් පුළුවන් වෙන්නේ පින්තූරයක එක Selection එකක් භාවිතා කරන්න විතරයි 

2. මේකෙදි අපිට දාගත්ත Selection එකකට තව Selection add කරන්න පහසුකම් ලැබෙනවා 

3. මෙක දාගත්ත Selection එකකින් අනවශ්‍ය Selection කොටස් ඉවත් කරගන්න පුළුවන් වෙනවා

4. මේක අපි Selection දෙකක අතර මැද කොටසක් තෝරගන්න භාවිතා කරනවා





Sunday, July 15, 2012

Adobe Photoshop - Part III

පින්තූර වලින් 3D Box එකක් හදමු


ඕං එහෙනම් Move Tool එක ගැන තව Post එකක් අරන් ආවා 


අද අපි බලමු කොහොමද අලුත් Creation එකක් කරන්නේ කියලා Move එකෙන් 


1 පියවර


ඉස්සර වෙලාම මේකට  පින්තූර 3 ක් ‍ඕනි වෙනව 

File à Open ගිහින් පින්තූර 3ක්  Open කරගන්නකෝ එහෙනම් මේ විදියට 


හරි දැන් අපි අලුත් පින්තූරයක් (New Image) එකක් ගන්න ඕන  3D Box එක හදන්නේ මේ පින්තූරෙ 

File à New ගිහින් ගන්නකෝ ( මම මේකේ Back Colour විදියට කලු දාගත්තේ ගැලපෙන පාටක් යාලුවො දාගන්න)

2 පියවර

දැන් අපි අර මුලින් Open කරපු පින්තූ‍ර 3 New Image එකට ගන්න ඕන Layer විදියට 

ඒක කරන්නේ මෙහෙමයි
ඉස්සරවෙලා  Move Tool එක අරන් අවශ්‍ය පින්තූරය උඩට ගිහින් Click කරගෙන් ඇදන් එන්න New Image එක උඩට 


හරිනේ ඔය විදියට පින්තූර 3 ම New Image එකට දාගන්න 


දැන් කලින් Post කිවුව විදියට Options bar එකේ තියෙන Show transform Controls කියන එකයි Auto select layer කියන එකයි දාලගන්න  






එතකොට පින්තූරෙ වටේට Show transform Controls පෙනේවි එත් එක්කම පින්තූරෙ උඩ Click කරන කොට පින්තූරේ Select වේවි 




3 පියවර


දැන් අපි වැඩේ පටන් ගමු
මෙන්න මේ විදියට පින්තූර තියාගමුකෝ එහෙනම්

දැන් උඩම තියෙන පින්තූරේ click කරලා ඒකේ transform controls පේන විදියට හදලා
transform controls වල කොනක තියෙන කොටුවක්(පහත පින්තූරේ රතු පාටින් රවුම්කරල තියෙන තැන)  ලගට ගිහින් Ctrl key එක ඇල්ලුවාම පින්තූරේ අපිට අවශ්‍ය විදියට ආනතයකට හැ‍ඩය වෙනස් කරන්න පුළුවන් වෙනවා 

Ctrl key එක ඇතහැරියම් ඒ ඔප්ෂන් එක අයින් වෙනවා එකනිසා අවශ්‍ය විදියට වෙනස්කම කරල ඉවරවෙනකම් Ctrl key එක අල්ලන් ඉන්න වෙන‍‍වා 

හරිනේ එහෙනම් මෙන්න මේ විදිය‍ට ඔය පේන පින්තූරේ හදාගන්නකෝ

පස්සේ අනෙක් පින්තූරත් මේ විදියට හදන්න


ඔන් එහෙනම් වැඩේ ඉවරයි 

නො‍තේරෙන තැනක් එහෙම තියෙනවනම් ‍කොමෙන්ට් එකක් දාන්න