Pages

Sunday, July 15, 2012

Adobe Photoshop - Part III

පින්තූර වලින් 3D Box එකක් හදමු


ඕං එහෙනම් Move Tool එක ගැන තව Post එකක් අරන් ආවා 


අද අපි බලමු කොහොමද අලුත් Creation එකක් කරන්නේ කියලා Move එකෙන් 


1 පියවර


ඉස්සර වෙලාම මේකට  පින්තූර 3 ක් ‍ඕනි වෙනව 

File à Open ගිහින් පින්තූර 3ක්  Open කරගන්නකෝ එහෙනම් මේ විදියට 


හරි දැන් අපි අලුත් පින්තූරයක් (New Image) එකක් ගන්න ඕන  3D Box එක හදන්නේ මේ පින්තූරෙ 

File à New ගිහින් ගන්නකෝ ( මම මේකේ Back Colour විදියට කලු දාගත්තේ ගැලපෙන පාටක් යාලුවො දාගන්න)

2 පියවර

දැන් අපි අර මුලින් Open කරපු පින්තූ‍ර 3 New Image එකට ගන්න ඕන Layer විදියට 

ඒක කරන්නේ මෙහෙමයි
ඉස්සරවෙලා  Move Tool එක අරන් අවශ්‍ය පින්තූරය උඩට ගිහින් Click කරගෙන් ඇදන් එන්න New Image එක උඩට 


හරිනේ ඔය විදියට පින්තූර 3 ම New Image එකට දාගන්න 


දැන් කලින් Post කිවුව විදියට Options bar එකේ තියෙන Show transform Controls කියන එකයි Auto select layer කියන එකයි දාලගන්න  






එතකොට පින්තූරෙ වටේට Show transform Controls පෙනේවි එත් එක්කම පින්තූරෙ උඩ Click කරන කොට පින්තූරේ Select වේවි 




3 පියවර


දැන් අපි වැඩේ පටන් ගමු
මෙන්න මේ විදියට පින්තූර තියාගමුකෝ එහෙනම්

දැන් උඩම තියෙන පින්තූරේ click කරලා ඒකේ transform controls පේන විදියට හදලා
transform controls වල කොනක තියෙන කොටුවක්(පහත පින්තූරේ රතු පාටින් රවුම්කරල තියෙන තැන)  ලගට ගිහින් Ctrl key එක ඇල්ලුවාම පින්තූරේ අපිට අවශ්‍ය විදියට ආනතයකට හැ‍ඩය වෙනස් කරන්න පුළුවන් වෙනවා 

Ctrl key එක ඇතහැරියම් ඒ ඔප්ෂන් එක අයින් වෙනවා එකනිසා අවශ්‍ය විදියට වෙනස්කම කරල ඉවරවෙනකම් Ctrl key එක අල්ලන් ඉන්න වෙන‍‍වා 

හරිනේ එහෙනම් මෙන්න මේ විදිය‍ට ඔය පේන පින්තූරේ හදාගන්නකෝ

පස්සේ අනෙක් පින්තූරත් මේ විදියට හදන්න


ඔන් එහෙනම් වැඩේ ඉවරයි 

නො‍තේරෙන තැනක් එහෙම තියෙනවනම් ‍කොමෙන්ට් එකක් දාන්න

No comments:

Post a Comment