Pages

Thursday, August 2, 2012

පොටෝ වලින් පොටෝ හදමු

පෝස්ට් එකේ නම ටිකක් අමුතුයි වගේ නේද මට මේකට හරියන නමක් හිතා ගන්න බැරිවුනා ඒකයි එහෙම දැම්මේ

හරි අපි වැඩි කතා නැතිව වැඩේට බහිමුකෝ පටලවගන්නේ නැතුව පරිස්සමෙන් කරගන්න ඕන හොදේ

අද අපි මේන්න මේ පින්තූරේ

මෙන්න මෙහෙම හදමු



1පියවර

පින්තූරේ අරන් මේන් මෙහෙම එ‍්කෙ Background Layer එකේ  Copy එකක් ගන්න කෝ (Layer මෙනු එකේ Duplicate Layer  තේරැවම හරි)


හරිනේ දැන් අලුත් ලේයර් එකක් අරගෙන ඒක කලු පාටින් පුරවගන්න


ඕං ඔය විදියට හරිනේ දැන් අලුත් ලේයර් එකක් දාගන්න Layer 1 උඩින් මේ විදියට

දාල මේන්න මේ විදියට select කරලා
 (මේ සේරම Layer 2 එකේ තමයි කරන්නේ )


ඒකොටස කලු පාටින් පුරවගන්න මේන්න මේ පේනවිදියට




 දැන් ඔය Background copy‍  කියන Layer තොරලා Alt + Ctrl + G යතුරැ 3 තද කරන්න එ‍තකොට යට ලේයර් එකයි තොරපු ලේයර් එකයි Clipping Mask වෙලා මේ පින්තූරේ විදියට එයි

 හරිනේ ද

2 පියවර

දැන් අපි කරන්නේ සුදු පාට පසු බිමක් වටේට දෙන එක

මේකට අලුත් ලේයර් එකක් දාගන්න Layer 2 එකට යටින්මේ විදියට


හරි පේනවනේ දැන් ඒකේ දැනට පේන පින්තූරයට ටිකක් ලොකු සෙලෙක්ෂන් එකක් දාගෙන ඒකට සුදු පාට දෙන්න මේන්න මේ විදියට පේන්න

හරියට වැඩේ කරගෙන් ඉවරවෙලා Layer 3 Drop shadow (දන්නවනේ කට්ටිය  Layer මෙනු එකේ  Layer Style වල Blending Option යටතේ තියෙන්නේ කියලා) එකක් දෙන්න මෙන්න මේ විදියට


ඊට ප‍ස්සේ මෙන්න මේ විදියට Layer 2 එකයි  Layer3 එකයි Select කරලා Right click කරලා එන මෙනු වලින් link layer තෝරලා Layer දෙක  link කරගන්න





ඕන්න වැඩෙන් භාගයක්ම ඉවරයි

3 පියවර

ඊට පස්සේ  Layer 3, Layer 2, Background copy layer තුන Select කරලා පල්ලෙහා තියෙන පින්තූරේ රතු පාටින් රවුම් කරපු  Icon එක උඩට drag කරන්න එතකොට ඒ ටික Group වෙනවා





දැන් මේ විදියට එයි ලේයර් පැලට් එක






4 පියවර

අර ආපු Group 1එක  Copy කර ගන්න මේ විදියට පස්සේ ඒක ඉස්සරහින් තියෙන් ඊ හිස ක්ලික් කරලා ලේයර් පේන විදියට හදාගන්න කෝ මේන් මේහෙම

දැන් ඒකේ Layer 3 තෝරලා Move Tool එකේන් අවශ්‍ය තැනකට ගෙනියලා හොද විදියකට හරවගන්න මේ විදියට





දැන් ඉතින් 4 පියවර දිගින් දිගට කරලා මේන්න මෙහෙම ලස්සනට ඉවරකර ගන්න



ගිහින් එන්නම් ගැටලුවක් ආවොත් ආයේ හිතන්න දෙයක් නැ කොමෙන්ට් එකක් දාල අහන්න දැන් ඇනෝ කෙනෙක් විදියටත් කොමෙන්ට් දාන්න ඇහැකි 





3 comments:

  1. apata oni layers select karaganne khmada

    ReplyDelete
    Replies
    1. just click on the layer in layer pallet you can select it if layer pallet doesn't display press F7 on key board

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete